කෘෂිකර්මාන්තය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් විය යුතුයි

Share

කෘෂිකර්මාන්තය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් විය යුතු බව කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා අද(22) පාර්ලිමේන්තුවේ දී පැවසිය.

රාජ්‍ය අමාත්‍යවරයා අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මෙසේ පැවසීය.

වී මිලදී ගැනීමට මිලියන 05ක් ලබාදී තිබෙනවා. වී මිලදී ගැනීමට වී ගබඩා 216ක් දැන් විවෘතව තිබෙනවා. ජාතික ආහාර නිෂ්පාදන වැඩපිළිවෙල යටතේ වී අස්වැන්න දැන් ඉහළ ගොස් තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

වී මෙක්ට්‍රික් ටොන් ලක්ෂ 30ක අස්වැන්නක් මෙවර අපේක්ෂා කරන බවද පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා, කෘෂිකර්මාන්තය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුව තිබෙන බවත් එසේ නොමතිව කෘෂිකර්මාන්තය ගොඩනැඟිය නොහැකි බවත් පැවසීය.

Read more

Local News