විල්පත්තු රක්ෂිතයේ බිම් අඟලක්වත් කිසිම පුද්ගලයෙකුට දීලා නෑ

Share

විල්පත්තු රක්ෂිතයේ බිම් අඟලක්වත් කිසිම පුද්ගලයෙකුට හෝ ආයතනයකට පසුගිය වසර 4දී ලබාදී නොමැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ඊයේ (24) මහනුවරදී ත්‍රිපිටකාභි වන්දනා වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 “මාධ්‍ය තුළත් මේ දිනවල බොහෝම තදින් ප‍්‍රචාරය වෙනවා මේ විල්පත්තු අභයභූමියේ වන සංරක්ෂණය තුළ මේ ඉඩම් දීමක් පිළිබඳව. අපේ මහ නායක හාමුදුරුවනේ මම බොහෝම පැහැදිලිව සඳහන් කරන්නට  ඕනෑ මේ ගෙවී ගිය වසර 04 තුළ 2015 ජනවාරි 08 වෙනිදා සිට අද දක්වා කාලසීමාව තුළ විල්පත්තු වන රක්ෂිතයේ අභයභූමියේ කිසි ම පුද්ගලයකුට හෝ කිසිම ආයතනයකට බිම් අඟලක්වත් අප විසින් දී නොමැති බව ඔබවහන්සේලාට ගෞරව පූර්වකව මෙහි දී සඳහන් කරන්නට ඕනෑ.”

Read more

Local News