මැයි දිනට පෙර පුළුල් සන්ධානය ප්‍රකාශයට පත් කරන බව අකිල කියයි

Share

එළැඹෙන මැයි දිනයට පෙර එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ හවුල්කාර පක්ෂ වලින් සමන්විත පුළුල් සන්ධානය ප්‍රකාශයට පත් කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඊයේ (23) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මහලේකම්වරයා මේ බව සදහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයින් දෙදෙනෙක් ඉදිරිපත්වන බවට අතැමුන් ප්‍රකාශ කළද එය අසත්‍යයක් බවත් තමන් එවැන්නක් නොපැවසු බවත් අමාත්‍යවරයා පවසය.

තම පක්ෂයට නායකයන් පිලිබඳ ප්‍රශ්නයක් නොමැති බවත් කෘත්‍යාධිකාරි මණ්ඩලය අපේක්ෂකයා සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කරනු ඇති බවත් අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පෙරමුණ දැවැන්ත සන්ධානයක් ප්‍රකාශ කරන බවත් බොහෝ පිරිස් එම සන්ධානය සමඟ එකතුවන්නටසිටින බවත් අමාත්‍යවරයා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා පොදු ජන පෙරමුණේ සමාජිකයන් තම පාර්ෂවයේ සන්ධානයට සහ එහි වැඩපිලිවෙලට එකතුවන්ට එකඟත්වය පල කර ඇති බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.

Read more

Local News