තම ආණ්ඩුව බලයේ සිටින විට විදුලි කප්පාදු නොකළ බව මහින්ද කියයි

Share

තම ආණ්ඩුව බලයේ සිටින විට දැන් පවතින ආකාරයේ විදුලි කප්පාදු කිරීම් සිදු නොවූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියි.

තම ආණ්ඩුව බලයේ සිටින විට මෙවන් විදුලි කප්පාදු කිරීම් සිදු නොවූ බවත් යුධ සමයේ දී පවා ජනතාවට විදුලිය ලබාදුන් බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියි.

විවිධ ගැටලුකාරී තත්ත්වයන් මධ්‍ය යේ නොරොච්චෝලයේ විදුලි බලාගාරය ඉදි කිරීම සිදු නොවුණානම් පවතින තත්ත්වයට වඩා වැඩි කාලයක් ජනතාවට අඳුරේ සිටීමට සිදුවන බව ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

ඊයේ (24) ගම්පොළ පැවති උත්සවයකදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

Read more

Local News