මීගමුවේ දී මැණික් ගලක් කොල්ලකයි

Share

මීගමුව ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු සතු මැණික් ගලක් කොල්ලකැමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවට වාර්තා වෙයි.

මැණික් ගල මිලදී ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ව්‍යාපාරිකයා බිය ගන්වා මෙම මැණික් ගල පැහැරගෙන ගොස් ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.

අනතුරුව සැකකරුවන් ව්‍යාපාරිකයා සතුව තිබු මැණික් ගල සහ රුපියල් පනස්දහසක මුදලක් කොල්ලකා තිබෙන අතර කොල්ලකෑමෙන් පසු ව්‍යාපාරිකයා මහමඟ දමා ගොස් තිබු බවයි මීගමුව පොලීසිය පැවසුවේ.

Read more

Local News