2018 අයවැය – update

74

රාජ්‍ය ආදායම සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ රාශියක් ක්‍රියාත්මක කරනවා


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උසස් කරනවා. කාලගුණ දත්ත මහජනතාවට නොමිලයේ ලබාදෙනවා.


2020 වනවිට රජයේ වාහන දෙමුහුම් හෝ විදුලියෙන් ක්‍රියාත්මක වාහන බවට  පත් කරනවා.


ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමට අඩි 55ට වැඩි බහුදිර ධීවර යාත්‍රා වෙනුවෙන් වැය වන මිලෙන අඩක් රජය දරයි.


වෙල්ලමංතර නව ධීවර වරායක් ගොඩනංවනවා.


ගොවීන් සඳහා නව දායකත්ව රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට කටයුතු කරනවා.


රට තුළ ව්‍යවසයකත්ව පරාදීසයක් ගොඩනැගීමට බලාපොරොත්තුවනවා.


රටක ජනතාවට අාඩම්බර විය හැකි සාර්ථක ගමනකට රජයේ උපකාර.


පොල් තෙල් හා පොල් මද ආශිත නිශ්පාදන සඳහා ජාතිය ගොනැගීමේ බද්ද වසරකට ඉවත් කෙරේ.


රබර් කර්මාන්තයේ අගය එකතු කිරීමේ නිශ්පාදන සඳහා සහන.


කෙසෙල් හා අන්නාසි අපනයනය කිරීම දිරිමත් කරනවා. ඉහළ නිශ්පාදන ඵලදාවක් සහිත පැළ නිශ්පාදනය දිරිමත් කරනවා.


ශ්‍රී ලංකාවේ මල් නිශ්පාදනය විදේශ වෙළඳපොළට ප්‍රවේශවීමට දියුණු කිරීමට යටිතල පහසුකම් නංවනවා.


මැණික් කර්මාන්තය නැංවීම සඳහා කැපීමට ගෙන්වන මැණික් සඳහා ජාතිය ගොඩ නැගීමේ බද්ද ඉවත් කරනවා.


UPDATE

2020 දී සංචාරකයන් මිලියන 4.5ක් පැමිණෙතැයි අපේක්ෂා කරනවා.


 සංචාරක ව්‍යාපාරයෙන් සිටින බදු නොගෙවන්නන් බදු දැළට හසුකර ගන්නවා.


 දුම්රිය ස්ථාන කොළඹ කෙටුව, නානුඹය දුම්රිය කෞතුකාර ලෙස සංවර්ධනය කරනවා.


අභ්‍යන්තර ගුවන් තොටුපොළවල් පෞද්ගලික අංශයේ සහාය ඇතිව සංවර්ධනය කරනවා.


සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා නව පොලිස් ස්ථාන ඉදිකරනවා.


 ත්‍ර්‍රිරෝද රථ ව්‍යවසායකයන් බහිකිරීමට කටයුතු කරනවා. සංචාරකයන්ට හිතැති ටුක් ටුක් සංකල්පය හදුන්වා දෙනවා.


 ත්‍රිරෝද රථ නියාමන අධිකාරියක් ස්ථාපිත කරනවා.


UPDATE

ලියාපදිංචි සමාගම් සඳහා ඉඩම් මිලදී ගැනීමේදී ඇති සීමා ඉවත් කරනවා.


රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාර සංවර්ධනය කිරීමට කටයුතු කරනවා.


තරුණ ව්‍යවසයාකයන් සංවර්ධනය කිරීමට අදාළව ඔවුන්ට සමාන අවස්ථා ලබාදෙනවා.


ප්‍රාථමික හා ද්විතික අධ්‍යාපනයට ආයෝජනය කරනවා.


රුකියා සඳහා සූදානම් කිරිමේ අරමුදලට රුපියල් මිලියන 2000ක් වෙන්කරනවා.


යොවුන් සේනාංකය ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 2000ක් වෙන්කරනවා.


නව වෘත්තීය පුහුණු පාසල් පහක් ඉදිකරනවා.


වසර 13ක අධ්‍යාපනක් ලබාදීමේ අරමුණ ඇතිව අධ්‍යාපනයට ලබාදෙන ප්‍රතිපාදන ව්‍යුහගත කර ඇත. ඒ සඳහා මිලියන 3500ක් වෙන්කරනවා.


ජාතික අධ්‍යාපන ආයතනය ප්‍රතිසංවිධානය කරනවා.


 ගුරුවරුන් පුහුණු කිරිමට මිලියන 1200ක්. ස්මාට් පංති කාමර සඳහා මිිලියන 750ක්.


විශේෂ අවශ්‍යතා ඇති ශිෂයින් සඳහා අවධානය යොමුකරනවා. විද්‍යාපීඨ සිසුන් සඳහා දීමනාව වැඩිකරනවා.


 දේශීය වෛද්‍ය පශ්චාත් උපාධි පාඨමාලාවක් හදුන්වාදෙනවා.


මහපොළ නිර්නායක සඳහා සලකා බලන ආදායම් මට්ටම ලක්ෂ 3 සිට ලක්ෂ 5ට වර්ධනය කරනවා.


ග්‍රාමීය ක්‍රීඩාංගණ 100ක් සංවර්ධනය කිරීමට මිලියන 100ක්


UPDATE

2020 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට. දියගම සංවර්ධනය කරනවා.


සුගතදාය ගෘහස්ථ ක්‍රීඩාංගණය රජය හා පෞද්ගලික අංශය එක්ව සංවර්ධනය කරනවා.


තහනම් උත්තේජක භාවිතයේ ප්‍රවණතාවක් තිබෙනවා. එය වැළැක්වීමට පියවර ගන්නවා.


ක්‍රීඩා සපත්තු ආනයනයේදී තීරු බද්ද ඉවත්කරනවා


 ප්‍රවීණයන්ගේ තරග සඳහා ජාත්‍යන්තර නියෝජනය කරන අය වෙනුවෙන් මිලියන 50ක් වෙන්කරනවා.


වකුගඩු ඒකක තුනක් ඉදිකරනවා.


ළමයින් අතර බෝනොවන රෝග වැඩිවීම පාලනය කිරීමට කටයුතු කරනවා


පැණි බීම සඳහා සීනි  ග්‍රෑමයකට ශත 50ක බද්දක්


හෘද රෝග නිවාරණ ඒකකයක් ඉදිකරිමට රිජ්වේ ආර්යා රෝහලට මිලියන 400ක්.


ජාතික රෝහලට ලිංගාශ්‍රිත රෝග ඒකකයක් ඉදිකරනවා.


සුවසැරිය ගිලන් රථ සේවයට සහාය ලබා දෙනවා.


 මධ්‍යසාර බදු ව්‍යුහය යථාවත් කරනවා.


 අඩු ආදයම් ලාභීන් වෙනුවෙන් නිවාස ඒකක 20000 ක් 2020 දී ලබාදෙනවා.


නාගරික ජනාවාස වෙනුවෙන් රුපියල් බිලියන 17.5ක් ලබන වසරට වෙන්කරනවා.


වැවිලි කර්මාන්තයේ යෙදෙන ජනතාව වෙනුවෙන් නිවාස 25000කට රුපියල් මිලියන 2000ක්.


ඒකාබද්ධ ගංවතුර පාලන ක්‍රමයක් කොළඹ හා තදාසන්න ප්‍රදේශයන් සඳහා හඳුන්වාදෙනවා.


ටේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන සංවර්ධන ක්‍රියාවලියක්. ගාල්ල, මහනුවර, යාපනය සංවර්ධනයට මිලියන 12000ක්.


කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ නගර සංවර්ධනය කරනවා. මධ්‍යම අධිවේගය ඉදිරියට ගෙන යනවා. ග්‍රාමීය මාර්ග සංවර්ධනය කරනවා. ගංවතුරෙන් මාර්ග යථා තත්ත්වයට පත්කිරීමට මිලියන 4000ක්.


ප්‍රජාපොලිස් කටයුතු සඳහා රුපියල් මිලියන 100ක් වෙන්කරනවා. පොලිස් හා අපරාධ කටයුතු පිළිබඳ විශ්වවිද්‍යාලයක් ඉදිකරනවා.


අධිකරණ තුළ ගොඩගැසි ඇති මූල්‍ය, දූෂණ ඇතුළු අඩු විශාල නඩු ප්‍රමාදවීම් වැළැක්වීම සඳහා අධිකරණ පරිපාලන කටයුතු වේගයත් කිරිමට නවීන ශව්‍ය දෘෂ්‍ය පටිගත කිරීමේ විශේෂ උසාවියක් වෙනුවෙන් මිලියන 25ක්.


ප්‍රාග්ධන වෙළඳපොළ ශක්තිමත් කරනවා.


ආගමික ස්ථාන සංරක්ෂණය කරනවා. කලාව හා කලා ශිල්පීන් ආරක්ෂා කරනවා. බෞද්ධ පුස්තකාලයක් අරඹීමට මිලියන 50ක් වෙන්කරනවා. ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 250ක්. අනුරාධපුර, ශ්‍රී පාදය, මඩු, නල්ලූර් විශ්‍රාම ශාලා ඉදිකිරීමට මිලියන 100ක් වෙන්කරනවා.


ඩිජටල්කරණය තුළින් රජයේ සේවා විධිමත් කරනවා.


ICTA වෙනුවෙන් රුපියල් මිලියන 2000ක් වෙන්කරනවා.


රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා ඒකාබද්ධ වැටුප් ක්‍රමයක්.


රාජ්‍ය සේවකයන් 500ට වැඩි ආයතන වල ළමා සුරැකුම් මධ්‍යස්ථාන ඉදිකරනවා.


 2016න් පසු විශ්‍රාමිකයන්ට ජීවිතාන්තය තෙක් අග්‍රාහාරය ලබාදෙනවා.


උතුරට තවත් නිවාස 50000ක් ඉදිකරනවා.


යාපනයට නව ආර්ථික මධ්‍යස්ථායක් ඉදිකරනවා.


අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ මෙහෙයුම් මේ වසරේ සිට ක්‍රියාත්මකයි. ඒ සඳහා මිලියන 1500ක් වෙන්කරනවා.


ගාසතුවකින් තොරව පොදු ස්ථාන වල සිල්ලර වෙළඳසැල් ස්ථාපනය කරනවා. පෞද්ගලික අංශයේ මූලිකත්වයේ ආරම්භ කරනවා.


රුපියල් බිලියන 7000ක ණයක් ඉදිරි වසර තුනේදී ගෙවන්න වෙනවා.


2018/4/1 සිට ක්‍රියාත්මක පරිදි බැංකු ගණුදෙනු මත රුපියල් 1000ට ශත 20ක් පරිදි ණය ආපසු ගෙවීමේ බද්දක්.


 දුම්වැටි ආනයන හා සුරුට්ටු ආනයන බලපත්‍ර නිකුත් කරනවා.


පානීය නොවන මත්ද්‍රව්‍ය සඳහා රුපියල් 15ක බද්දක් අයකරනවා.


2018/4/1 සිට කෙටි පණිවිඩ අලෙවි ප්‍රචාරයන් සඳහා පණිවිඩයකට ශත 25ක ගාස්තුවක් අයකරනවා.


අයවැය සමීක්ෂණය සඳහා ඒකකයක් ස්ථාපිත කරනවා.