ඉදිරියේදී කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තියක්

Share

කුමන දේශපාලන පක්ෂයක් බලයට පැමිණියද වෙනස් නොවන රටට හිතැති කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තියක් ඉදිරියේදී හඳුන්වා දෙන බව අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙවර අලුත් සහල් මංගල්‍යය පැවැත්වීම සඳහා මාතලේ ප්‍රදේශයේදී රාජ්‍ය නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

ශ්‍රි ලංකාවේ කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම ගොවින් ආරක්ෂා කර ගැනීම සඳහා ශක්තිමත්ව කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු යැයි සඳහන් කළේය.

ඒ අනුව විදේශ රටවලින් ගෙන්වන බෝග වර්ග පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර කඩිනමින් මෙම වගා ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවිය යුතු බව අමාත්‍යවරයා හෙතෙම සඳහන් කළේය.

ළූණු වගාවේ  අර්තාපල්  වගාවේ අස්වැන්න ලැබෙන කාල වකවානු වන විට විදේශ රටවලින් ගෙන්වීම පාලනය කිරීම මෙහි තවත් අරමුණක් බව මාත්‍ය පී. හැරිසන් මහතා පෙන්වා දුන්නේය.

මෙම කෘෂිකර්ම ප්‍රතිපත්තිය සැකසීම සඳහා විද්වතුන් දේශපාලන අධිකාරිය ව්‍යාපාරිකයින් විශ්වවිද්‍යාල සිසුන් ගොවි ජනතාව ගොවි සංවිධාන ආදී සෑම පාර්ශවයකින්ම අදහස් ලබාගෙන විද්වත් මණ්ඩලයක් හරහා ඉතා ශක්තිමත්  කෘෂිකර්ම ප්‍රතිපත්තිය රටට හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කීවේය.

Read more

Local News