කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Share

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 09 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය පවසයි.

අද (26) රාත්‍රී 09.00 සිට හෙට (27) උදෑසන 06.00 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන අතර එම කාලය තුළ පිටකොටුව ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේය.

Read more

Local News