අදත් වැස්ස නෑ

Share

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් සබරගමුව සහ මධ්‍යම පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම්ස සහිත වැසි ඇති වීමට සුළු හැකියාවක් පවතී.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන සිට නැගෙනහිර දක්වා වන දිශා වලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 15-30 පමණ වේ.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ බලපිටිය සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News