මත්පෙති තොගයක් සමඟ අයෙක් දැලේ

Share

මහනුවර නගරයේදී ට්‍රැමඩෝල් නැමැති මත්පෙති තොගයක් සමඟ පුද්ගලයෙකු මහනුවර දිසා දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සැකකරු සතුව තිබී ට්‍රැමඩෝල් නමැති මත්පෙති 542ක් සහ ගබ්සා පෙති 856ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

සැකකරු තලාතුඔය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.

එම සැකකරු අද(27) මහනුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මහනුවර පොලීසිය සිදු කරයි.

Read more

Local News