කාන්තාවන් සවිබල ගැන්වීමට ජාතික සැලැස්මක්

Share

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් වූ හිංසනය වැළැක්වීමට පස් අවුරුදු සැලැමක් ක්‍රියාවට නංවා තිබෙන බවත්, කාන්තාවන් සවිබල ගැන්වීමට ජාතික සැලැස්මක් පිළියෙල කිරීමට කටයුතු කළ බවත් කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පැවසුවාය.

කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් අමාත්‍යවරිය අද(27) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

ළමා හා කාන්තා සංවර්ධනය නියෝජනය වන ලෙස විශේෂ ප්‍රගතියක් ලබාගෙන තිබෙනවා. වැඩසටහන් රැසක් දියත් කර තිබෙනවා. ළමයින් වෙනුවෙන් විවිධාකාර ප්‍රතිලාභ ලබාදෙනවා. ළමා පරපුර තෘප්තිමත් ඵලදායි පරපුරක් බවට පත් කිරීම අරමුණයි.

ගැබිණි මව්වරුන්ට කිරිදෙන මව්වරුන්ට රුපියල් 20,000ක දීමනාවක් ලබාදෙනවා. මේ වනවිට මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. වතුකරය ඇතුළු අනෙක් ප්‍රදේශවල පෙර පාසල් සංවර්ධනය කිරීම හා දත්ත පද්ධතියක් ස්ථාපිත කර තිබෙනවා. පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන 1500ක් පමණ ආරම්භ කර තිබෙනවා.

දිවාසුරැකුම් මධ්‍යස්ථාන වැඩි දියුණු කිරීමට පියවර ගෙන තිබෙනවා. කාන්තාවන් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමට හැකි වුණා. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් වූ හිංසනය වැළැක්වීමට පස් අවුරුදු සැලැමක් ක්‍රියාවට නංවා තිබෙනවා. කාන්තාවන් සවිබල ගැන්වීමට ජාතික සැලැස්මක් පිළියෙල කිරීමට කටයුතු කළා යැයි ද අමාත්‍යවරිය පැවසී ය.

Read more

Local News