නීති විරෝධිව ධීවර කටයුතුවල නිරත 3ක් අත්අඩංගුවට

Share

ඊයේ(26) වලංගු ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් තිදෙනෙකු  අත්අඩංගුවට ගෙන ඇත.

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් කල්පිටිය, එරුමතිව් මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 28, 30 සහ 37 වන වියෙහි පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක්, ඔක්සිජන් සිලින්ඩර් 10 ක්, කිමිදුම් වරල් යුගල් 02 ක් සහ කිමිදුම් මුහුණු ආවරණ 03 ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Read more

Local News