විදුලි අර්බුදයට ප්‍රධාන හේතුව මහින්ද කියයි

Share

වර්තමානයේ පවතින විදුලි අර්බුදයට ප්‍රධාන හේතුව රජයේ නිසි කළමනාකාරිත්වයක් නොමැතිවීම බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි.

ඔහු පෙන්වා දෙන්නේ තම රජය විසින් සැලසුම් කර තිබූ විදුලි ව්‍යාපෘති ඉදිකිරීමට කටයුතු කළේ නම් මෙවන් විදුලි අර්බුදයක් රට තුළ ඇති නොවන බවය.

කොළඹ පැවැති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.

Read more

Local News