මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි – ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් පසුවන්න

Share

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයකින් පවසන්නේ දිවයිනට උතුරු හා ඊශාන දෙසින් පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවයි.

ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි අැතිවන බවත් තාවකාලීක තද සුළං ද බලාපොරොත්තු විය හැකි බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැකිවෙයි.

මේ පිළිබදව අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටීයි.

Read more

Local News