යතුරුපැදි-ටිපර් අනතුරකින් කාන්තාවක් මරුට

Share

දංකොටුව නගරයේදී ඊයේ(27) යතුරුපැදියක් කුරුණෑගල දෙස සිට දංකොටුව දෙසට ගමන් කරමින් සිට ඇති අතර එම දෙසටම ගමන් කර ඇති ටිපර් රථයක් යතුරුපැදිය පසුකර යාමට උත්සාහ කිරීමේදී අනතුරක් සිදුවී තිබේ.

මෙම අනතුරකින් කාන්තාවක් මිය ගොස් ඇයගේ ස්වාමි පුරුෂයා බරපතළ ලෙස තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව දංකොටුව පොලීසිය පවසයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ දංකොටුව, මැදගෝනවිල පදිංචිව සිටි 43 හැවිරිදි කාන්තාවකි.

අනතුරට සම්බන්ධ ටිපර් රථය පොලිස් බාරයට ගෙන ඇති අතර එය පැදවූ රියදුරුව අත්අඩංගුවට ගෙන ඇත.

දංකොටුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News