කැබිනට් මණ්ඩලය පයින් ගැසු දෙයක් ගැන රතන හිමි කියයි

Share

වසවිසෙන් තොර ආහාර ප්‍රතිපත්තියක් හදුන්වාදීමට කටයුතු කළද එම ප්‍රතිපත්තියට ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය පයින් ගැසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසුහ.

අයවැය කාරක සභා විවාදයට එක්වෙම්න් ඊයේ (27) පාර්ලිමේන්තුවේදී රතන හිමියෝ මේ බව පැවසුහ.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු රතන හිමියෝ,

අද අපේ ජනතාවගෙන් බෙහෝමයක් බෙහෙත් පාවිච්චි කරනවා. නාගරික මධ්‍යම පන්තිය අද වැඩි වශයෙන් රෝගවලට පත් වෙලා තිබෙනවා.

ඉස්සර ගම්වල දියවැඩියා රෝගීන් හිටියේ නැහැ. නමුත් අද ගොවියන්ට පවා දියවැඩියාව හැදෙනවා. මෙයට හේතුව ලෙස හොයාගෙන තිබෙන්නේ රසායනික ආහාර නිෂ්පාදන සමාගම් ආහාර කල් තබාගැනීම, නිමි ආහාර සැකසිම හා පරිභෝජනය ආදිය සිදුවන නිසා මේ දේවල් වැඩියි.

මේ නිසාම ලංකාවේ රෝගින් වැඩිවෙලා තිබෙනවා. ලංකාවේ සෑම පැය 14 ට වරක්ම පිළිකා රෝගියෙක් මිය යනවා. ඒ වගේම සෑම පැය 08 වරක් දියවැඩියා රෝගියෙක් මිය යනවා. මෙය ඉතාම භයානක නරක තත්ත්වයක්.

Read more

Local News