අගාධයකට යමින් තිබූ රටේ දිශානතිය වෙනස් කිරීමට රජය කටයුතු කළා – හර්ෂ ද සිල්වා මහතා

Share

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (10) පාර්ලිමේන්තුවේ අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්විය. එහිදී ඒ මහතා සදහන් කළේ අගාධයකට යමින් තිබූ රටේ දිශානතිය වෙනස් කිරීමට රජය කටයුතු කළ බවත් ශ්‍රී ලංකාව පෝසත් රටක් බවට පත් කිරීම දැක්ම බවත් ය.

විදුලි පුටු ගැන කතා කළේ , එවැනි භායනක අවස්ථාවක රජය බාර ගත්තේ. අපි දිසානතිය වෙනස් කළා. අපි අගාධයක් කරා යමින් සිටියේ. විශාල හානිය වෙන්න කලින් යූ ටර්න් දැම්මා. අද විදුලි පුටුව ගැන කතා කරන්නේ නෑ. ඒ වෙනුවට අපි කතාකරන්නේ, එකට ජීවත්වන ව්‍යවස්ථාවක්, සාමය ස්ථාපිත කරලා තිරසාරව ආරන් යන්නේ කොහොමද කියන එකයි.

ආර්ථික සම්බාධක පැනවූවේ නෑ. අපිට ආර්ථික සම්බාධක දැම්මානම් කතා කරන්න වෙන්නේ මේවා නොවෙයි. නමුත් සම්පූර්ණයෙන් ම මෙය වෙනස් වුණා. අද ජී.එස්.පී ප්ලස් නිසා පළමු මාස හය තුළ අපනයන ආදායම ඉහළ ගොස් තිබෙනවා. එය ජනතාවට ශක්තියක් වී තිබෙනවා.

ශ්‍රී ලංකාව වැටෙන්න ගිය වලෙන් වැටෙන්නේ නැතිව වෙන දිශාවකට රට අරගෙන යනවා. මාස කීපයකට 2025 වෙනකම් තියෙන දර්ශනය ඉදිරිපත් කළා. පක්ෂ දෙකක් එකතුවෙලා රට කරන්නේ. දැක්ම, පෝසත් රටක් බවට පත් කිරීමයි. පෝසත් රටක් හදන්නයි අපේ මේ වෑයම. වර්ධනයට සීමා හතරක් තිබෙනවා. ව්‍යුහාත්මක දුර්වලතා පෙන්වා තිබෙනවා. වෙළඳ නොවන කටයුතුවලින් සිදු වූ දේවල් එක් කරුණක්. අපනයනය ක්‍රියාකරීත්වය අඩු වී තිබීම තව කරුණක්.

කොහොමද අපේ ඩොලර් ආදායම වැඩිකරගන්නේ? යල් පැනගිය අඳහස්වලට ගැති නොවී කොහොමද මේ සීමාව ඉවත් කරන්නේ. කොහොමද සහනාධාර, සමෘද්ධිය දෙන්නේ, ණය ගෙවන්නේ කොහොමද? එතැනට යන ගැටළු විසඳන්නේ කොහොමද කියලා බලන්න ඕන. බැංකු මඟින් සිදු කරන සියලු ගණුදෙණු සඳහා රුපියල් 1000කට සත විස්සක් අය කරනවා බැංකුවකින්. එය පාරිභෝගිකයන්ගෙන් අය කරන්නේ නෑ. මෙය වගකිව යුතු රජයක් ලෙස කරන්නේ යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය

Read more

Local News