අවුරුදු හා වෙසක් සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වා අවසන්

Share

අලුත් අවුරුදු සමයේදී හා වෙසක් සමයේදී ජනතාවට හිඟයකින් තොරව ලබාගත හැකි පරිදි ටින්මාළු හැර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මාස දෙකකට ප්‍රමාණවත් තරමට රටට ගෙන්වා ඇතැයි ආනයනකරුවන්ගේ හා තොග වෙළෙඳුන්ගේ සංගමය සඳහන් කරයි.

ටින්මාළුවලට අදාළව පවතින තාක්ෂණික ගැටලුවක් නිසා මාස ගණනකට සෑහෙන පරිදි ටින්මාළු ගෙන්වා නොමැති බවද එම සංගමයේ සභාපති හේමක ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

පසුගිය වසරේ අලුත් අවුරුදු සමයට සාපේක්ෂව මෙවර සෑම භාණ්ඩයකම මිල සුළු වශයෙන් හෝ අඩු වී තිබෙන බවත්, අවශ්‍ය තරම් තොග ගෙන්වා තිබෙන නිසා භාණ්ඩ හිඟයක් ඇති විය නොහැකි බවත් ඔහු කියා සිටියේය.

එහෙත් පවතින ආර්ථික අර්බුදය නිසා ජනතාවගේ මිලදීගැනීමේ ශක්තිය අඩුවී තිබෙන බවත්, එහෙත් පසුගිය වසරට සාපේක්ෂව භාණ්ඩ මිල අඩුවීමේ වාසිය මෙවර ජනතාවට හිමිවන බවත් ඒ මහතා සඳහන් කළේය.

ආනයනකරුවන් විසින් ආසන්න වශයෙන් මාස දෙකකට ප්‍රමාණවත් තරම් භාණ්ඩ ගෙන්වා තිබෙන බවද හෙතෙම කියා සිටියේය.

Read more

Local News