කෙහෙළියට එරෙහි නඩුවේ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප වෙයි

Share

හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුව ප්‍රතික්ෂේප කරන ලෙස විත්තිය මතුකල මූලික විරෝධතාවක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

මෙම නඩුව අද(29) කැඳවූ අවස්ථාවේදී මෙම නඩුව ගොනු කර ඇති ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළේය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ අවධියේ 2012 වසරේ මාර්තු මස 15 වනදා සිට අප්‍රේල් මස 15 වනදා දක්වා කාලසීමාව තුළදී ඔහුගේ පුද්ගලික ජංගම දුරකථනය සඳහා බිල් වශයෙන් ගෙවිය යුතු රුපියල් 235000/-ක මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථා අරමුදල්වලින් ගෙවීම් තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම ඔවුනට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

Read more

Local News