අතුරුදහන්වූ බෝයාව සොයා ගැනේ

Share

සාගරයේ ඉතා වටිනා  දත්ත ලබාගැනීම සදහා ජාතික ජලජ සම්පත් සංවර්ධන හා පර්යේෂණ නියෝජිතායතන‍යට   [නාරා]  අයත්ව තිබු ශ්‍රී ලංකාව සතු එකම බෝයාව සොයාගැනීමට හැකි වී තිබේ.

අතුරුදහන් ව තිබු මෙම බෝයාව සොයාගැනීමට හැකි වුයේ වසර 04 කට පසුවය. මෙම බෝයාව සොයාගැනීම සදහා ජාතික ජලජ සම්පත් සංවර් ධන සහ පර්යේෂණ නියෝජිතායතන‍ය [නාරා]  ඉකුත් වසර කිහිපය පුරාම සාගරයේ මෙහෙයුම් රැසක් සිදුකරනු ලැබුවත් මෙම බෝයාව සොයාගැනීමට හැකි වී තිබුනේ නැත.

නමුත් නාරා ආයතනයේ ජල ශාස්ත්‍රීය අංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජල ශාස්ත්‍රීය අංශය ඒකාබද්ධව සිදුකළ ගවේෂණයේදී මෙම බෝයාවන් සොයාගැනීමට හැකි විය.

ශ්‍රී ලංකාව වටා සාගරයේ මෙම ඉතා වටිනා දත්ත  රැස්කිරීමේ මෙම බෝයාවන් ඇමරිකාවේ ජල ශාස්ත්‍රීය අංශය  විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබුණි.

එලෙස ලැබුණු මෙම බෝයාවන් මඩකලපුව සාගර ප්‍රදේශයේ දත්ත රැස්කිරීම සදහා ස්ථානගත කර තිබියදී අතුරුදන්ව තිබු බවට  වාර්තා වී තිබු  අතර මෙම අතුරුදහන් වීම ධිවර කාර්මිකයින්ගේ අපරික්‍ෂා කාරී කටයුතු හේතුවෙන් සිදුව ඇති බවට එකල චෝදනා එල්ල වුහ.

මෙම බෝයාවන් සොයාගැනීම වාර්තා වීමත් සමඟ ඇමරිකාවේ ජල ශාස්ත්‍රීය අංශය සිය ප්‍රසංශාව නාරා ආයතනයේ ජල ශාස්ත්‍රීය අංශයට සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජල ශාස්ත්‍රීය අංශයට මෙන්ම ශ්‍රී ලංකාවට පිරිනමා ඇත.

නාරා ආයතනයට අයත් සමුද්‍රිකා සාගර පර්යේෂණ නෞකාව මඩකලපුව ප්‍රදේශ‍යේ මුහුදු පතුලේ පර්යේෂණ වල නිරතව සිටියදී අතුරුදහන්ව තිබු මෙම බෝයාවන් සොයාගැනීමට හැකි වී තිබේ .

එම බෝයාවන් සමුද්‍රිකා සාගර පර්යේෂණ නෞකාව ආධාරයෙන් ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙනවිත් තිබු අතර අනතුරුව එම බෝයාවන් රැගත් සමුද්‍රිකා නෞකාව ගාල්ල වරාය බලා පිටත්ව ඇත.

සාගරයේ උෂ්ණත්වය , මත්ස්‍ය ගහනයේ හැසිරීම වැනි දත්ත මෙම බෝයාවන්වල අන්තර් ගත වේ.

එම දත්ත විශ්ලේෂණය මගින් ධීවර කර් මාන්තයේ ඉදිරි සැලසුම් මෙන්ම අනාගත අභියෝග හදුනාගැනීමට සේම එම අභියෝග සදහා මුහුණ දීමට වඩාත් ප්‍රායෝගික වැඩපිළිවෙල සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබෙන බව ජල ශාස්ත්‍රීය අංශ පවසයි .

සොයාගත් මෙම බෝයාවන් හි ඉකුත් වසර 04 ට අදාළ සියළු දත්ත සුරක්‍ෂිතව ගබඩා වී ඇති බව මෙම බෝයාවන් සොයාගත් ජල ශාස්ත්‍රීය කණ්ඩායම පවසති .

එම කණ්ඩායම පවසන්නේ මෙවැනි සාගර පතුලේ වටිනා දත්ත රැස්කිරීමේ බෝයාවන් නාරා ආයතනයට හැර ලංකාවේ වෙනත් කිසිදු ආයතනයක් සතුව නොමැති බවය .

Read more

Local News