දරුවන්ගේ හෘද රෝග සැත්කම් කිරීමට අවශ්‍ය යන්ත්‍ර 17ක් ගෙන්වීමට උපදෙස්

Share

දරුවන්ගේ හෘද රෝග සැත්කම් සිදු කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර 17 ක් සහ නයිට්‍රික් ඔක්සයිඩ් සිලින්ඩර කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙනඑන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නිලධාරීන්ට  උපදෙස් ලබාදුන්නේය.

කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහල, කාසල්වීදියේ කාන්තා රෝහල ඇතුලු ළමා රෝග ඒකක ඇති රෝහල් 17 ක මෙම සැත්කම් සිදුකිරීමට නියමිතය.

හෘද රෝගවලට ගොදුරු වූ දරුවන්ගේ පෙණහළු අක්‍රීය වීම පාලනය කිරීම සඳහා නයිට්‍රික් ඔක්සයිඩ් අවශ්‍ය බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දෙන ලදි.

ඒ ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා හමුවූ අවස්ථාවේ දීය.

හෘද සැත්කම් සිදු කර ගැනීම සඳහා දරුවන් 1000 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බව වෛද්‍යවරුන් මෙහිදී පෙන්වා දුන්හ.

ඒ පිළීබඳව ක්ෂණික අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා අවශ්‍ය යන්ත්‍ර සහ සිලින්ඩර කඩිනමින් ආනයනය කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

දරුවන්ගේ සැත්කම් කඩිනමින් සිදු කළ යුතු බවත්, එය ප්‍රමාද කිරීම පාපකර්මයක් බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

ආනයනය කිරීමට නියෝග කළ යන්ත්‍ර 01 ක් මේ වන විට කොළඹ කාසල්වීදියේ කාන්තා රෝහලේ ස්ථාපිත කර ඇත.

කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ දිනකට දරුවන්ගේ හෘද රෝග සැත්කම් 06 ක් සිදු කරනු ලබයි.

Read more

Local News