රවී එන ආත්මේ බකමූනෙක් වෙන බව රෝහිත කියයි

Share

පසුගිය දා පාර්ලිමෙන්තුවේදී වැය ශීර්ෂය පරාජයට පත්වූයේ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළෙහි ඇති ශක්තිය පෙන්වීමට බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පවසන විට අගමැතිවරයා එය විපක්ෂය මත පටවන්න උත්සාහ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

අද(01) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්මෙන් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසීය.

“අද දවස ඉතාම වැදගත්. අද දවස මේ රටේ බොහෝ දෙනෙක් උදේ නැගටපු ගමන් තමන්ගේ හිතවතුන්ට බොරුවක් කියලා රවටන දවස. බොරුවගේ දවස.

මේ දවස හරියටම ගැලපෙන්නේ යහපාලන ආන්ඩුවට. ඒ කියන්නේ යහපාලන ආන්ඩුවේ නායකයිනගේ දවස. ඒ අයට හොද දවසක් නිසා පුලුවන් තරම් බොරු කියන්න පුලුවන්. අගමැතිතුමා අද දවසේත් හොදට වැඩේ කරලා.

එතුමා කියනවා මේ මාසෙන් පස්සේ ප්‍රාදේශීය සභා හා පළාත් සභා වලට මුදල් නැහැලු. අගමැතිතුමා මෙහෙම කියන්නේ ඇයි. පහුගිය 278 වැනිදා ස්වදේශ කටයුතු හා පළාත් පාලන, බස්නාහිර සංවර්ධන හා නගර සභා වැය ශීර්ෂය පරාජය වුනා.

මේ වෙද්දි විදුලි කප්පාදුවක් වෙනවා. දවල්ට පැය තුනයි. රෑට පැයයි. රමේ මිනිස්සු කලුවරේ. වතුර නැහැ. කොළඹ නගරයේ මහල් නිවාසවල ඉන්න අයට වතුර නැති වුනාම ඉතාම අපහසුතාවයට පත්වෙනවා.

රජයට හෝ මැතිඇමැතිවරුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. වෙන අවස්ථාවල මෙවැන්නක් වෙනවා නම් ඊට විසදුම් දෙනවා. ඊළග ආත්මයේ විදුලි බල ඇමැතිවරයා කොහොම ඉදියිද දන්නේ නැහැ. බකමූණාට දවල්ට පේන්නේ නැත්තේ ගිය ආත්මේ කරපු පෙර කරුමෙකට. මේ රටේ විදුලිබල ඇමැතිවරයා මිළඟ ආත්මේ බකමූනෙක් වෙනවා.“

Read more

Local News