ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල ලබන 10 වැනිදා

Share

ප්‍රථම වරට පවත්වනු ලබන ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල-2018 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ලබන 10 වැනිදා සවස 4.00ට පැවැත්වෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා පැවසීය.

රූපවාහිනි, ගුවන්විදුලි, පුවත්පත් හා වෙබ් අඩවි මගින් 2017 වසරේදී ඉදිරිපත් කළ වැඩසටහන්  හා ලිපි සඳහා සම්මාන 47ක් සහ යාවජීව සම්මාන 04ක් මෙහිදි ප්‍රදානය කරන බවද ලේකම්වරයා සඳහන් කළේය.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (01දා) පැවැති මාධ්‍ය හමුවකදී සුනිල් සමරවීර මහතා මේ බව පවසා සිටියේය.

පුවත්පත් ක්‍ෂේත්‍රයෙන් ආචාර්ය එඩ්වින් ආරියදාස, ගුවන්විදුලි අංශයෙන් කරුණාරත්න අමරසිංහ, රූපවාහිනි අංශයෙන් ලූෂන්  බුලත්සිංහල, වෙබ් අංශයෙන් ලක්ෂ්මන් ජයවර්ධන යන මහත්වරුන් සඳහා යාවජීව සම්මාන ප්‍රදානය කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News