වෙල්ගමට එරෙහි නඩුව මැයි මස කැඳවයි

Share

හිටපු ප්‍රවාහන අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 04 වනදා කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩුව අද(02) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසම අධිකරණය ඉල්ලා සිටියේ මෙහි විත්තිකරුට එරෙහිව සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව නඩුව මැයි මස 4 වනදා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය එදින සංශෝධන පැමිණිල්ලක් විත්තිකරුට  එරෙහිව ඉදිරිපත් කරන මෙන් අල්ලස් කොමිසමට  නියම කලා.

ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් වන නියෝජ්‍ය සභාපති යනුවෙන් තනතුරක් අලුතින් නිර්මාණය කර රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් කුමාර වෙල්ගම හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

Read more

Local News