ලොව ලාබාලම බිලියනපතිනියගේ පියා කාන්තාවක්ලු

Share

මේ ලෝකේ මොන තරම් සංකීර්ණද කියල තේරුණේ, පසුගියදා ලෝකයම කතා කරපු ලොව ලාබාලම බිලියනපතිනිය (ඩොලර්) විදිහට සලකන කයිලි ජෙනර්ගේ දෙමාපියන් කවුදැයි සොයාබැලීමේදී.

ඇගේ මව තමයි හොලිවුඩයේ පුවත් මවන කිම් කාඩේෂියන්, කෙන්ඩල් ජෙනර් ඇතුළු ඇතුළු දරුවන් හත් දෙනෙකුගේ මවක් වන ක්‍රිස් මේරි.

ඒත් වැඩියෙන්ම මම පුදුමයට පත් වුනේ ඇගේ පියා කවුද කියා සොයා බැලීමේදී. ඇගේ පියා තමයි කෙයිට්ලින් මේරි ජෙනර්. නමුත් කෙයිට්ලින් මේරිගේ උපන් නාමය වන්නේ විලියම් බ්රූස් ජෙනර්. ඔහු 1976 ඔලිම්පික් තරඟාවලියේදී දස ප්‍රයාම ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කරන පුද්ගලයා. ඒ වගේම දරුවන් 6 දෙනෙකුගේ පියෙක්.

ඔහුට දාව කයිලි ජෙනර් ඉපදෙන්නේ 1997 දී. ඇය තමයි ඔහුගේ අන්තිම දරුවා. පසුව ඔහු ඔහුගේ නම වෙනස් කරගන්නවා කෙයිට්ලින් මේරි ජෙනර් කියල. ඒ වගේම ඔහු කියනවා ඔහු තවදුරටත් ඔහු නෙවෙයි ඇය කියල. ඒ කියන්නේ මේ දරුවෝ 6 දෙනෙක්ගේ පියා 2015 දී කියනවා ඔහු කාන්තාවක් බව. ඒ වගේම ලිංගික වෙනස්කම් සිදු කරගැනීම සඳහා අවශ්‍ය සැත්කම් පවා සිදුකළ බව පවසනවා.

එය හොලිවුඩය තුළ විශාල කැළඹීමක් ඇති කළ සිදුවීමක් වන අතර දැනටත් ඇතැමුන් කෙයිට්ලින්ව පිරිමියෙක් ලෙස සලකන අතර තවත් කොටසක් කෙයිට්ලින්ව ගැහැනියක් ලෙස සලකයි. කොහොම උනත් ඇය පිරිමි දස ප්‍රයාම ඉසව්වෙන් ඔලිම්පික් රන් පදක්කමක් දිනපු, දරුවෝ 6 දෙනෙකුගේ පියෙක් වන කාන්තාවක් කියල තමයි දැන් කියන්නේ.

Read more

Local News