දේශපාලන විපර්යාස මත එජාපය හා ශ්‍රීලනිප සන්ධානගත වෙයිද ?

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සමඟින් සන්ධාන ගත වීම ඉදිරි දේශපාලන විපර්යාස මත පදනම්ව සිදුවනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

පාර්ලිමේන්තු සැසිවාරයට ඊයේ(01) සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පක්ෂ දෙක අතරම එවැනි සන්ධාන ගත කිරීමක් පිළිබඳ අදහසක් නොමැති බවත්, එවැනි අවශ්‍යතාවයක් ඇති වීමට පසුගිය කාලයේ ඕනෑ තරම් හේතු තිබුණත් එවැනි දෙයක් සිදු නොවුණු බව ද පැවසු මන්ත්‍රීවරයා මේ වන විට එවැනි විශේෂ අවශ්‍යතාවයක් ඇති නොවන බව ද පැවසීය.

එවැනි දෙයක් සිදු වීමට හැකියාව ඇත්තේ රටේ දේශපාලනයේ සිදුවන ඇතැම් විපර්යාස හේතුවෙන් බව ද පැවසු මන්ත්‍රීවරයා, ඒ පිළිබඳව මේ මොහොතේ පැවසිය නොහැකි බව ද සඳහන් කළේය.

Read more

Local News