අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිණි ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) සිදු කිරීමට නියමිතයි.
ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් මහතා පැවසුවේ අද පස්වරුවේ බොරැල්ල කනත්තේදී අවසන් කටයුතු සිදු කෙරෙන බවයි.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය පසුගිය 29 වනදා පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඇන්ජලින් ගුණතිලක මහත්මිය 79 වන වියේ පසු විය.