බස් රථයක් ගිනි ගනී – පුද්ගලයින් 20ක් ජිවිතක්ෂයට

Share

පේරු රාජ්‍යයේ බස් නැවතුම්පලකදී බස් රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයන් විසි දෙනෙකු පමණ මියගොස් තවත් අට දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවට වාර්තා වෙයි.

පේරු රාජ්‍යයේ ලීමා අගනුවර ආසන්නයේදී මෙලෙස ගිනිගෙන තිබුණේ ඩබල් ඩෙකර් වර්ගයේ බස් රථයක්.

ගින්න පාලනය කිරීමට ගිනි නිවීම් රථ 8lක් පමණ යොදාගැනීමට සිදුවූ බව එරට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.

අදාළ බස් රථය නවතා තිබූ බස් නැවතුම්පල, නීතිවිරෝධී ඉන්ධන අලෙවිසැලක් අසල පිහිටා තිබීම හේතුවෙන් තහනම් කර ඇති බව මූලික පරීක්ෂණ වලින් අනාවරණවී තිබේ.

ගින්න හටගැනීමට හේතුව තවමත් අනාවරණවී නොමැති අතර පේරු බලධාරීන් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News