එළවළු, පළතුරු සහ පොල්තෙල් වල අඩංගු රසායනික ද්‍රව්‍ය ගැන පර්යේෂණ අවසන්

Share

එළවළු පළතුරු සහ පොල්තෙල් වර්ගවල අඩංගු සංඝටක සහ රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම පිළිබඳව පර්යේෂණ සිදු කර අවසන් වී තිබේ.

ඒ පිළිබදව අවශ්‍ය ක්‍රියාමාර්ග සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසා සිටියි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (02) දහවල් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන ආහාර සුරක්ෂිතතා සතිය පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් මෙම හමුව පැවැත්වුණි.

අප්‍රේල් මස 01 සිට 07 දක්වා ආහාර සුරක්ෂිතතා සතිය ක්‍රියාත්මකය.

Read more

Local News