උත්සව සමය වෙනුවෙන් විශේෂ බස්රථ සේවාවක්

Share

එළඹෙන උත්සව සමය වෙනුවෙන් අප්‍රේල් මස 08 වනදා සිට විශේෂ බස්රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇත.

එහි කාල සටහන් කළමනාකාර සජීව ඩිලුක්ෂ මහතා සඳහන් කළේ අප්‍රේල් මස 18 වන දින දක්වා මෙම සේවාව ක්‍රියාත්මක කරන බවය.

උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන මගීන්ගේ පහසුව වෙනුවෙන් අතිරේක බස්රථ 1487ක් යොදවන බව ද ඔහු සඳහන් කළේය.

කොළඹ, හැටන්, මහනුවර, අම්පාර සහ මඩකලපුව යන ප්‍රදේශවලට වැඩි අවදානයක් යොමු කරමින් මෙම බස්රථ යෙදවීමට පියවර ගන්නා බව සජීව ඩිලුක්ෂ මහතා සඳහන් කළේය.

මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ කටුනායක අධිවේගී මාර්ගයේදී මෙම කාලය තුළ විශේෂ බස්රථ සේවාවන් ක්‍රියාත්මක කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇත.

Read more

Local News