ජාතික සිනමා දිනය අප්‍රේල් මස 5

Share

අප්‍රේල් මස 5 වන දින ජාතික සිනමා දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් මෙය ගැසට් නිවේදනයක් මඟින් නිකුත් කර තිබේ.

1980 අංක 45 දරන පනතින් සංශෝධිත, 1971 අංක 47 දරන ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පනතේ 61(2) ඕ වන වගන්තිය යටතේ විෂයබාර අමාත්‍යවරයා වශයෙන් පැවරී ඇති බලතල අනුව මෙම තීරණය ගෙන තිබේ.

ශ්‍රී ලාංකේය සිනමාව දකුණු ඉන්දියානු ආභාසයෙන් මුදවා දේශීය මුහුණුවරක් ගෙන එමින් “රේඛාව“ චිත්‍රපටය තුළින් සිනමාවේ හැරයුම් ලක්ෂයක් සනිටුහ් කළ ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අනූපමේය මෙහෙවර අගයමින් ඔවුගේ ජන්ම දිනය යෙදී ඇති අප්‍රේල් මස 5 වන දින මෙලෙස “ජාතික සිනමා දිනය“ ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

Read more

Local News