රබර් ක්ෂේත්‍රයේ සංවර්ධනයට චීනයෙන් අතහිත

Share

සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකාවේ රබර් ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා ආයෝජනය කිරීමට චීන රජය එකඟතාවය පල කර ඇති බව වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා නවින් දිසානායක මහතා මෙම මස අඟදී චීන සංචාරයකට එක් වීමට නියමිතය.

එම ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස විශේෂ රබර් සංවර්ධන කලාපයක් සහ ඊට සමාන්තරව රබර් ආශ්‍රිත කර්මාන්ත කලාපයක් ස්ථාපනයට නියමිතයි.

වැඩි ඵලදාවක් සහිත රබර් බීජ හා නව තාක්ෂණයද රබර් ක්ෂේත්‍රයට හදුන්වා දෙන අතර ස්වභාවික රබර් නිෂ්පාදනය කෙරෙන ප්‍රමුඛ පෙළේ රටක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම අරමුණයි.

චීනයේ හයිනෑං රබර් සංවර්ධන කලාපය නියෝජනය කරමින් විශේෂ දූත පිරිසක් අද(03) වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී නවින් දිසානායක මහතා සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වූ බව වාර්තා වෙයි.

එහිදී හයිනෑං විදේශ කටයුතු හා අන්තර් ජාතික ආර්ථික සම්බන්ධතා පිළිබඳ ප්‍රධානී Mr. Jinglei han මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය මෙහෙයවීය.

Read more

Local News