මොහොමඩ් සියාම්ගේ සොහොයුරෙක් ගුවන්තොටුපලේදී මාධ්‍යවේදියෙකුට පහර දෙයි

Share

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ පුද්ගලයින් දෙදෙනාගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලින් අනතුරුව එක් අයෙකු නිදහස් කර අනෙක් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මාකඳුරේ මධූෂ් සමඟ සබඳතා පැවැත්වූ බව කියන මෙම පුද්ගලයින් දෙදෙනාගෙන් පැය 18කට වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්ණ කර තිබේ.

මොහොමඩ් සිද්ධික් මොහොමඩ් සියාම් හා වීරසිංහගේ ලංකා සජිත පෙරේරා යන දෙදෙනා ඊයේ (02) අලුයම 4.55ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ යූ.එල්.226 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණි අතර කටුනායක ගුවන්තොටුපොළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරීන් විසින් එහිදී ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේය.

ඔවුන්ගෙන් දීර්ඝ වශයෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මොහොමඩ් සිද්ධික් මොහොමඩ් සියාම්ව නිදහස් කර වීරසිංහගේ ලංකා සජිත පෙරේරා යන අය අධිකරණයට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මොහොමඩ් සියාම්ගේ සොහොයුරෙකුගෙන් ගුවන්තොටුපල පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් තොරතුරු විමසීමට උත්සහ කළ අවස්ථාවේ මාධ්‍යවේදියෙකුගේ කැමරාවකට ඔහු විසින් පහරදීම හේතුවෙන් නොසන්සුන්කාරී තත්වයක් හටගත්තේය.

Read more

Local News