Home දේශීය පුවත් සරසවි සිසුන්ට කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාර

සරසවි සිසුන්ට කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාර

0
සරසවි සිසුන්ට කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාර

පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ සරසවි සිසුන් පිරිසක් ක්‍රියාත්මක කර තිබූ උද්ඝෝෂනය විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාර එල්ල කර තිබේ.

සබරගමුව විශ්ව විද්‍යාලයේ සමාජීය විද්‍යා හා භාෂා පීඨයේ බඳවාගැනීම් කප්පාදුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් එම විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ උද්ඝෝෂණයේ නිරත වුණි.

උද්‍ඝෝෂණය හේතුවෙන් පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තු මාර්ගය තාවකාලිකව වසා දැමීමට පොලිසිය පියවර ගෙන තිබේ.

මේ හේතුවෙන් අවට මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක්ද හටගෙන ඇති බව වාර්තා වෙයි.

ඔවුන් රාජගිරිය ආයුර්වේද වටරවුම අසල සිට විරෝධතා පා ගමනින් පැමිණ මේ වන විට පොල්දූව මංසන්ධියේ උද්ඝෝෂණයේ නිරත වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here