හෙට උෂ්ණාධික කාලගුණ තත්ත්වයක්

Share

වයඹ බස්නාහිර සහ දකුණු පළාත්වලට මෙන්ම මන්නාරම,  වව්නියාව, මුලතිව් හා මොණරාගල යන දිස්ත්‍රික්කවල හෙට (04) දිනයේ උෂ්ණාධික කාලගුණ තත්ත්වයක් බලපානු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

එම ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 32-41 අතර විය හැකි බැවින් ඒ පිළිබඳ ජනතාව වැඩි අවධානයක් යොමුකළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ හේතුවෙන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම සුදුසු වන අතර නිවෙස් තුළ රැඳී සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිළිමත් විය යුතු බව එම දෙපාර්තමේන්තුව පවසා සිටියි.

එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු අතර ළා පැහැති සැහැල්ලු ඇදුම් භාවිත කරන ලෙසත් කුඩා ළමුන් වාහන තුල තනිව රඳවා නොයන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලබයි.

පසුගිය දින කිහිපය පුරා දිවයිනේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය ඉහළ ගිය අතර ගතවු පැය 24 තුළ සෙල්සියස් අංශක 37යි දශම 1ක් වන වැඩිම උෂ්ණත්වය වව්නියාව දිස්ත්රියක්කයෙන් වාර්තා වී ඇත.

Read more

Local News