එරාගම දී ගින්නකට හසුවී අයෙක් මරුට

Share

දමන, එරාගම ප්‍රදේශයේ උක් වගාවක හටගත් ගින්නකට හසුවීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බවට වාර්තා වෙයි.

අදාල පුද්ගලයා ඊයේ(03) පස්වරුවේ සිය උක් වගාබිම එළිපෙහෙලි කර ගිනි තැබීමට කටයුතු කර ඇති අතර පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ගින්න යාබද උක් වගාවකට ද පැතිර ගොස් ඇති බව සඳහන් වෙයි.

මෙලෙස මියගොස් තිබෙන්නේ 70 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය පැවසුවේ.

එම පුද්ගලයා එම ගින්න මැඩපැවැත්වීමට උත්සාහ කිරිමේදී ගින්නට හසුව මියගොස් ඇත.

Read more

Local News