ඇෆ්ගනිස්ථානයේ ගංවතුර නිසා 80ක් මරුට

Share

ඇෆ්ගනිස්ථානයට‍ බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 80 දෙනෙකු මියගොස් තිබෙන බවට එරට  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් තවත් 200කට අධික පිරිසක් තුවාල ලබා ඇත.

මේ හේතුවෙන් තවත් 42,000කට අධික පිරිසක් අවතැන්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පීඩාවට පත්ව සිටින ජනතාවට කඩිනම් සහන සැලසීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය කටයුතු පිළිබඳ කාර්යාලය පියවර ගෙන ඇත.

Read more

Local News