වන අලි පහරකින් පුද්ගලයෙක් මරුට

Share

අඹන්පොල පොලිස් වසමේ ඇහැටුගම ප්‍රදේශයේ ගෙවත්තකදී අද(05) අළුයම පුද්ගලයෙකු වන අලි පහරකින් මියගොස් ඇති බවට වාර්තා වෙයි.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 80ක් වූ කැලේගම ඇහැටුවැව ලිපිනයේ පදිංචි අයෙකි.

මෘත ශරීරය අඹන්පොල රෝහලේ තැන්පත් කර ඇත.

අඹන්පොල පොලීසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු විසින් මෙහෙයවනු ලබයි.

Read more

Local News