ඇමති අර්ජුනගේ ආරක්ෂක නිලධාරියා මුදාහරී

Share

මෑතකදී ඛනිජ තෙල් සංස්ථා භූමියේ ඇතිවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටි ඇමති අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියා මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ල අද(05) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරු සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇති බව යි.

ඒ අනුව අදාළ සැකකරු මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරිය නියම කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ඇමති ආරක්ෂක අංශ නිළධාරියා රිමාන්ඩ් භාරයට පත් කර සිටි අතර පසුව කොළඹ මහාධිකරණයේ නියෝග මත මෙම ඇප මත මුදාහැරීමට නියම කර තිබුණි.

Read more

Local News