කාන්තා නිලධාරි භට නිවාසයක් ජනපති අතින් විවෘත කෙරේ

Share

පොලිස් නිලධාරින්ගේ සුබසාධන කටයුතු ඉහළ නැංවීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක වැඩපිළිවෙළ යටතේ ඉදිකෙරුණු කොළඹ මලලසේකර මාවතේ, කාන්තා නිලධාරිනියන්ගේ භට නිවාසය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද(05) විවෘත කෙරිණි.

ජනාධිපතිතුමා විසින් පොලිස් දෙපාර්තමේන්තුව තමා යටතට පවරා ගැනීමෙන් අනතුරුව වඩා මහජන හිතකාමී ගුණාත්මක පොලිස් සේවාවක් ස්ථාපිත කිරීමට මෙන්ම එහි සියලුදෙනාගේ සුබසාධන කටයුතු ඉහළ නංවමින් තෘප්තිමත් මනසකින් යුතුව රාජකාරී ඉටුකිරීමට අවස්ථාව සලසා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකය.

සමරු ඵලකය නිරාවරණය කර කාන්තා භට නිවාසය විවෘත කළ ජනාධිපතිතුමා පොලිස් නිලධාරිනියන් සමග සුහද කථා බහක ද නිරත විය.

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.

Read more

Local News