වීසා නොමැතිව කැනඩා යන්න ගිය 26කට වැඩ වරදී

Share

කිලිනොච්චිය පොලිස් වසමේ දී වලංගු වීසා නොමැතිව කැනඩාව බලා යෑමට උත්සහ කළ පුද්ගලයින් 26 දෙනෙකු කිලිනොච්චිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(05) දින ‍කිලිනොච්චිය විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

එහිදී අත්අඩංගුවට ගත් පිරිස කිලිනොච්චිය පොලීසිය වෙත ඉදිරිපත් කර තිබේ.

සැකකරුවන් අද(06) කිලිනොච්චිය ‍මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර පරීක්ෂණ කිලිනොච්චි පොලීසිය සිදු කරනු ලබයි.

Read more

Local News