Home දේශීය පුවත් හෙට සිට අප්‍රේල් 21 දක්වා ලංගම නිවාඩු අවලංගුයි

හෙට සිට අප්‍රේල් 21 දක්වා ලංගම නිවාඩු අවලංගුයි

0
හෙට සිට අප්‍රේල් 21 දක්වා ලංගම නිවාඩු අවලංගුයි

උදාවෙන උත්සව සමය වෙනුවෙන් ජනතාවගේ ගමනාගමන පහසුකම් සැලසීම සඳහා හෙට සිට (08දා) අප්‍රේල් 21 දින තෙක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම සෙවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබෙන බව ප්‍රවාහන හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.

එසේම උත්සව සමයට ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව මගින් අතිරේක බස්රථ 800 මේ කාලය තුළ ප්‍රවාහන පද්ධතියට එක්කර තිබෙන බවත් ඒ මහතා පැවැසීය.

ලංකා බස්රථ සේවා සංගමය බස්රථ 1000ට වැඩි සංඛ්‍යාවක් උත්සව සමය වෙනුවෙන් ප්‍රවාහන පද්ධතියට එක් කර තිබෙන බවත් ඔහු පැවැසීය. එසේම දුම්රියෙන් ගමන් ගන්නා මගීන් සඳහා අතිරේක දුම්රිය යොදවා තිබෙන බවත් ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here