ඉන්දීය, ලංකා ප්‍රතිපාදන යටතේ වතු නිවාස 100ක් ඉදි කිරීම් අරඹයි

Share

ඉන්දියානු රජයේ සහ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන යටතේ වතු නිවාස 100ක් ඉදි කිරීමේ කටයුතු කඳුරට නව ගම්මාන වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් විසින් අද (07) සිදු කරනු ලැබුවේය.

දිඹුල කුයින්ස්බරි වතුයායේ නිවාස 50 සහ කොටගල ග්‍රේටන් වතුයායේ නිවාස 50ක් ඉදි කිරීමේ කටයුතු මෙසේ ආරම්භ කර ඇත.

නිවාස යෝජනා ක්‍රමය සඳහා රුපියල් මිලියන 120ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව වාර්තා වෙයි.

වත්මන් රජය යටතේ හරිත ගම්මාන සංකල්පය මත වතු කම්කරුවන් සඳහා ඉදිවන මෙම සෑම නිවසකටම හිමිකම් ඔප්පුවක්ද ලබා දිමට නියමිතය.

මෙම නිවාස යෝජනා ක්‍රමය ඉදි කිරිමේ අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් දිරේන්ද්‍ර සින් මහතා, වි.රාධාක්‍රිෂ්නන් මහාතා සහ මයිල්වාගනම් තිලකරාජ් යන මහත්වරුන් ද සහභාගී වී ඇත.

Read more

Local News