ඩුබායිවලින් පිටුවහල් කළ 2ක් දිවයිනට

Share

පාතාල කල්ලි නායක මාකදුරේ මධූෂ් විසින් සංවිධානය කරන ලද සාදයට සහභාගී වීමට එරටට ගොස් සිටි තවත් සාමාජිකයන් දෙදෙනෙකු එරටින් පිටුවහල් කර අද(08) අළුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ.

එම පුද්ගලයින් දෙදෙනා UL – 226 දරණ ගුවන් යානයෙන් අද අළුයම 5.10 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙසේ එවා තිබූ දෙදෙනා වන්නේ මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසර් සහ මොහොමඩ් මුෆාර් මොහොමඩ් ජබීර් යන අය බවයි පොලීසිය පැවසුවේ.

මොවුන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසු ආගමන, විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාර ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ජාතික බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන් වෙත වැඩිදුර විමර්ශන කටයුතු සදහා භාර දී තිබේ.

Read more

Local News