ශ්‍රි පාද වන්දනාවේ එන තරුණයින්ට කුඩු වික්ක අයෙක් මාට්ටු

Share

ශ්‍රි පාද නල්ලතන්නියේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන තරුණයන්ට හෙරොයින් මත්ද්‍රව්‍යය අලෙවි කිරිමේ ජාවාරමක නිරතව සිටි සැකකරුවෙකු ඊයේ(07) පස්වරුවේ සැකපිට හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු සමඟ හෙරොයින් මත්ද්‍රව්‍යය සන්තකයේ තබා ගත් සැකකරුවන් සිව්දෙනෙක්ද අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් සන්තකයේද හෙරොයින් මිලිග්‍රෑම් 1080 වක් තිබි සොයාගත් බවයි මෙම වැටලිම සිදු කළ නිලධාරින් කියා සිටියේ.

නල්ලතන්නිය නගරයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන ප්‍රධාන සැකකරු ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන තරුණයන්ට ඉතා සුක්ෂම ලෙස හෙරොයින් මත්ද්‍රව්‍යය අලෙවි කරමින් සිටි බවත්, එම සැකකරු සන්තකයේ තිබි හෙරොයින් පැකට් 21 ක් (මිලිග්‍රෑම් 760) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නල්ලතන්නිය ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත්, එම සැකකරුවන් අද(08) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව මෙම වැටලිම සිදු කළ හැටන් කොට්ඨාශ දුෂණ මර්දන එකකයේ ස්ථානාධිපති උපොප මදුසංඛ මහතා කියා සිටියේ.

Read more

Local News