වෘත්තිය සමිති කිහිපයක් අද වැඩ වර්ජනය කරයි

Share

ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් සහ සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් අද(08) දිනයේදි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

උපාධිධාරී සංවර්ධන නිළධාරීන්ගේ වෘත්තීය ඉල්ලීම් නොකිරීමට විරෝධය පළ කරමින් තම සංගමයේ නිලධාරින් අද දිනයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සංවර්ධන සේවා නිලධාරින්ගේ සංගමයේ සභාපති චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය.

මේ අතර ඉල්ලීම් 10ක් මුල් කර ගනිමින් හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති 16ක් අද උදෑසන 07.00සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට සැළසුම් කර තිබේ.

මෙ වර්ජනය පැය 25 කාලයක් ක්‍රියාත්මක කරන බවෙ එම වෘත්තිය සමිති සඳහන් කළේය.

Read more

Local News