සන්නාගේ අයිතීන් ඉරාජ් කොල්ල කාලාලු

Share

නව පරපුරේ සංගීතවේදී ඉරාජ් විරරත්න මහතාගේ නවතම මියුසික් වීඩියෝව වෙනුවෙන් තමන්ගේ පොත්වල සඳහන් දෑ යොදාගැනීම තම අයිතීන් කොල්ලකෑමක් බව හිටපු උපකාරක පංති ගුරුවරයෙක්, නවකතාකරුවෙක්, ගීත රචකයෙක්, චිත්‍රපට නිෂ්පාදයෙක් වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තමන් නීතිය ඉදිරියට යනවාද නැත්ද යන්න පිළිබඳව තවමත් තීරණය කර නොමැති බවත් ඔහු ප්‍රකාශ කරයි.

Iraj Weeraratneට;

ආදරය තැවරුණු රෝමාන්තික සිංදු අසමින් අමරදේව, නන්දා මාලිනි, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, සෝමතිලක ජයමහ යනාදී මිහිරැතියන්ගේ හඬින් භාවනා කරමින් සිටි කාලයක,

‘අප්පච්චි අහන්නෙ මළ ගෙවල්වල අඬන සිංදු. කිසි ගෝ එකක් වයිබ් එකක් නෑ.’

කියා ඉරාජ් නම් තරුණ සංගීත ශිල්පියෙකුගේ ගීත අසන්නට මට පාර කීවේ මගේ පුතාලා දෙන්නා ය. ඔවුන් දෙදෙනා ඉරාජ්ට වඩා ටිකක් වයසින් අඩු ය. කුඩා කල සිට බටහිර ගීත ඇසූ දෙපුතුන් ඉරාජ් නම් ලාංකීය තරුණයෙකු ඊළඟ ජෙනරේෂන් එකේ හීරෝ ලෙස සැලකීම මා විස්මපත් කළ සිදුවීමක් විය. ඒ මීට දශක එකහමාරකට පමණ පෙර ය.

සුදර්ශියේ පැවති වසන්ත දුග්ගන්නාරාළගේ ප්රාසාංගික වැඩකදී හමු වූ ඉරාජ්ට මම දෙපුතුන්ගේ සංගීත ලෝකයේ හීරෝ ඔහු බව කීවෙමි. පසුදින ඉරාජ් ඔහුගේ මිතුරු රනිඳු සමග මත්තෙගොඩ ආවේ ය. එදින ගත් ඡායාරූපයක් මෑතදී ඇල්බමයක තිබී හමු වී මම පුතාට පෙන්වීමි. ‘පොඩි කාලෙ’

Read more

Local News