ගෝඨාට එරෙහිව ඇමෙරිකාවේ නඩුවක්

ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවේ සිවිල් නඩුවක් ගොනු කර තිබේ.

තම පියාගේ ඝාතනය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු බවත් ඒ සඳහා වන්දියක් ගෙවන ලෙසත් ඉල්ලමින් ඇය මෙම නඩුව ගොනු කර තිබෙන බවටයි සඳහන් වන්නේ.

අමෙරිකාවේ කැලිෆෝනියා නුවර දිස්ත්‍රික් අධිකරණයේ මෙම නඩුව ගොනු කර තිබේ.

අමෙරිකානු පුරවැසියෙක් වෙන ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට ඇමෙරිකාවට ගොස් තිබේ.