මරණ දඬුවම එපා – යුරෝපා සංගමය කියයි

Share

ශ්‍රී ලංකාව තුළ මරණිය දණ්ඩය යළි ක්‍රියාත්මක කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය ක්‍රියාත්මක නොකරන්නැයි යුරෝපා සංගමය හා තවත් බටහිර රටවල් කිහිපයක් ඒකාබද්ධව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.

මේ අනුව ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රොමේනියාව, එක්සත් රාජධානිය, නොර්වේ, ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රේලියාව හා කැනඩාව යන රටවල් ඒකාබද්ධව රජයෙන් මෙම ඉල්ලීම කර තිබේ.

මරණ දඬුවම යනු කිසිසේත්ම පිළිගත නොහැකි මානව අයිතිවාසිකම් නොසලකා හරින දඬුවමක් බවත් 2018 වසරේ දෙසැම්බර් මාසයේ පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී එකඟ වූ පරිදි ශ්‍රී ලංකාව මරණ දඬුවම ඉදිරියටත් අත්හිටුවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔවුන් සඳහන් කරයි.

ශ්‍රී ලංකා රජය මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ප්‍රතිපත්තියට අනුකූලව වසර 43 කට පසුව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සදහා මෑතකදී කටයුතු කරමින් සිටින බව යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය පවසයි.

සීඝ්‍රයෙන් වර්ධනය වන මත්කුඩු ජාවාරම ලොව පුරා රාජ්‍යයන් මුහුණ දෙන බරපතල ගැටළුවක් බවත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම පිළිගන්නා බවත් යුරෝපා සංගමය පෙන්වා දෙයි.

Read more

Local News