ගාල්ලේ ප්‍රාදේශීය කොට්ඨාශ 6කට පානීය ජලය

Share

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන්, ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 06ක් සඳහා පානිය ජලය බෙදා දිමේ කටයුතු ආරම්භ කර තිබේ.

ඒ අනූව, මේ වන විට අදාල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයන්හි තොරාගත් ග්‍රාම නිලධාරී වසම්හි පානිය ජල පහසුකම් බෙදා හැරිම දිස්ත්‍රික් අපදා සහනසේවා ඒකකය විසින් ක්‍රියාත්මක කරයි.

ඉමදුව, ගොනුපිනුවල, බද්දේගම, බලපිටිය, බෙන්තොට හා අම්බලන්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල මෙම පානිය ජලය බෙදා හැරිම ආරම්භ විය.

මෙහිදි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රාදේශීය සභා සතු ජල බවුසර් යොදා ගැනිම සිදුවන අතර, දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ අධික්ෂණය පරිදි ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් මෙම පානිය ජල පහසුකම් ලබා දිම සිදුවන බව ගාල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

Read more

Local News